Pawena Nil Walawe Song Lyrics - පාවෙනා නිල් වලාවේ ගීතයේ පද පෙළ

Pawena Nil Walawe Song Lyrics - පාවෙනා නිල් වලාවේ ගීතයේ පද පෙළ
Song Title : Pawena Nil Walawe (පාවෙනා නිල් වලාවේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : සරත් දසනායක


පාවෙනා
නිල් වලාවේ
නදී තලාවේ
රිදී ජලාසේ
ඇගේ සිනාවේ
කැළුම් සැඟවුණා දෝ
පාවෙනා
නිල් වලාවේ

දියඹ සැලෙන තරඟ පෙළක අතරමං වෙලා
පාළු නිල් දියේ තනිවෙලා
සොයන රුව ඔබේ
අප්සරාවියේ
සොයන රුව ඔබේ
අප්සරාවියේ
පාවෙනා
නිල් වලාවේ

තුරුණු සිතක පැතුම් වැළඳ ඈත පාවෙලා
සිහින නිම්නයේ සැරිසරා
පතන රුව ඔබේ
අප්සරාවියේ
පතන රුව ඔබේ
අප්සරාවියේ

පාවෙනා
නිල් වලාවේ
නදී තලාවේ
රිදී ජලාසේ
ඇගේ සිනාවේ
කැළුම් සැඟවුණා දෝ
පාවෙනා
නිල් වලාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment