Paalu Pele Mata Thani Ne Song Lyrics - පාළු පැලේ මට තනි නෑ ගීතයේ පද පෙළ

Paalu Pele Mata Thani Ne Song Lyrics - පාළු පැලේ මට තනි නෑ ගීතයේ පද පෙළ
Song Title : Paalu Pele Mata Thani Ne (පාළු පැලේ මට තනි නෑ)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග


පාළු පැලේ මට තනි නෑ හිමියනේ
හිත සංකා ගන්න එපා හිමියනේ

විදුලි අකුණු මේඝ වලා
එතෙර ඇදෙන්නයි
හතර වරම් දෙවි පිහිටෙන්
මෙතෙර දකින්නයි

බාධක දුක් දුරු වීලා
ගිය කාරිය හරියනවා
මගෙ දෙයියෝ උදනැක්කේ
වෙරළ දිගේ ගෙට එනවා

පාළු පැලේ මට තනි නෑ හිමියනේ
හිත සංකා ගන්න එපා හිමියනේ

විදුලි අකුණු මේඝ වලා
එතෙර ඇදෙන්නයි
හතර වරම් දෙවි පිහිටෙන්
මෙතෙර දකින්නයි

කිඳුරු ලියන් දුටුවෝතින්
මා අමතකවන්න එපා
වාසි නැතත් හිමි සඳිනේ
වැඩි ඈතට යන්න එපා

පාළු පැලේ මට තනි නෑ හිමියනේ
හිත සංකා ගන්න එපා හිමියනේ

විදුලි අකුණු මේඝ වලා
එතෙර ඇදෙන්නයි
හතර වරම් දෙවි පිහිටෙන්
මෙතෙර දකින්නයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment