Maha Wassaka Pera Nimithi Song Lyrics - මහ වැස්සක පෙර නිමිති ගීතයේ පද පෙළ

Maha Wassaka Pera Nimithi Song Lyrics - මහ වැස්සක පෙර නිමිති ගීතයේ පද පෙළ
Song Title : Maha Wassaka Pera Nimithi (මහ වැස්සක පෙර නිමිති)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩ මණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ
මා දැන් මහළු වියේ

පාරට බැස්සම නොවැ සීතල වැඩි
තනිකම ඊට වැඩී
එකම කුඩය යට අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳහැටි මතකයි

මී විතකින් ගත උණුසුම් වූව ද
සිත උණුසුම් වේදෝ
එපා එපා මී විත මගෙ දෙතොළට
එපා එපා මී විත මගෙ දෙතොළට
ආපසු මගෙ කුටියට යනවා
මා ආපසු යනවා

කබාය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ
මා දැන් මහළු වියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment