කෙසෙල් මුව සීනි සම්බෝලය හදමු 😋😋 (Kesel Muwa Sini Sambolaya Hadamu)

කෙසෙල් මුව සීනි සම්බෝලය හදමු 😋😋 (Kesel Muwa Sini Sambolaya Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • කෙසෙල් මුවයක් 
  • ලොකු ලුණු ගෙඩි 3
  • අමුමිරිස් කරල් 5 ක් 
  • කරපිංචා ඉත්තක්
  • කුරුඳු 
  • එනසාල් 
  • කරාබු නැටි 
  • පොඩි ඉඟුරු කෑල්ලක් 
  • දිය කරගත් සියඹලා 
  • කෑලි මිරිස්
  • කහ කුඩු පොඩ්ඩක්
  • උම්බලකඩ කෑලි ටිකක්
  • ලුණු කුඩු 
  • පොල් තෙල් මේස හැන්ඳක් 
  • සීනි තේ හැඳි 3ක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම කෙසෙල් මුව ටික සිහිනියට කපාගෙන කහ සහ ලුණු මිශ්‍ර ජලයට දාල විනාඩි 15 ක් 20 ක් වගේ  තියලා හොඳට මිරිකලා ගන්න.එතකොට කෙසෙල් මුව වල කහට පාට සහ රස නැති දෙකම නැති වෙනව.
  2. ♦️ පසුව ලොකු ළූණු , කරපිංචා, අමු මිරිස් සිහින්ව කපලා කෙසෙල් මුව ටිකට දාල හොඳට කවලම් කරන්න.
  3. ♦️ දැන් බාජනයක් ලිපේ තියල එකකට තෙල් දමා ලිප තියා තෙල් රත් වන කොට කෙසෙල් මුව මිශ්‍රණය දමා වරින් වර කූරු ගාමින් මද ගින්නෙන් බැදෙන්න හරින්න. මතක තියා ගන්න ගින්දර වැඩි කරල මේක පුච්ච ගන්න එපා.තව දෙයක් මේක කූරු ගාන්න ඕන මැද හරියෙ ඉඳන් වටේට යන විදියට.
  4. ♦️ දැන් මේකට කුරුඳු, උම්බලකඩ, සියඹලා, එනසල් හා කරාබු නැට්ටක් දමන්න . 
  5. ♦️ කෙසෙල් මුව බැදීගෙන එනකොට කෑලි මිරිස් ට්ක දමා හොඳින් බැදෙන්න හරින්න. 
  6. ♦️ වතුර ගතිය ටිකක් හිඳිල කෙසේල්මුව රන්වන් පාට උනාම ඒකට සීනි ටිකක් සහ සියඹලා යුෂ ටික දාල හොඳින් කවලම් කරන්න.
  7. ♦️ දැන් විනාඩියක් වගේ මද ගින්නේම තියල ලිපෙන් බා ගන්න. 

♦️ ඇත්තටම පාන් වගේ දෙයක් කන්න කියාපු සම්බෝලයක් තමයි මේ. බලන්නකො ඔයලාත් හදල. වෙනද පාන් කන්නෙ මාගරින් ජෑම් එක්ක නම් ඒ වෙනුවට මේ කෙසෙල් මුව සම්බෝලයත් එක්ක දවසක් කාල බලන්නකො. ශරීර සෞඛ්‍යයටත් අහිතකර නැහැනෙ.

♦️♦️ විශේෂයෙන්ම ඔන්න ඔයලා විනෝද ගමනක් වගේ යනවනම් පාන් කන්න අරන් යන්න කියාපු කෑමක් තමයි මේක.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
කෙසෙල් මුව සීනි සම්බෝලය හදමු 😋😋 (Kesel Muwa Sini Sambolaya Hadamu) - Your Choice Way

කෙසෙල් මුව සීනි සම්බෝලය හදමු 😋😋 (Kesel Muwa Sini Sambolaya Hadamu) - Your Choice Way

කෙසෙල් මුව සීනි සම්බෝලය හදමු 😋😋 (Kesel Muwa Sini Sambolaya Hadamu) - Your Choice Way

කෙසෙල් මුව සීනි සම්බෝලය හදමු 😋😋 (Kesel Muwa Sini Sambolaya Hadamu) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment