Kandulu Bindak Ma Song Lyrics - කඳුලු බිඳක් මා ගීතයේ පද පෙළ

Kandulu Bindak Ma Song Lyrics - කඳුලු බිඳක් මා ගීතයේ පද පෙළ
Song Title : Kandulu Bindak Ma (කඳුලු බිඳක් මා)
ගායනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : බන්දුල ජයසිංහ


කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්

කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්

කුළුදුල් සෙනෙහස ඔබගේ
පුද කළ දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතු මා
ලොව තනි වේ නම්

කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්

එක මඟ යන මුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්

කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment