Ipida Mare Song Lyrics - ඉපිද මැරේ ගීතයේ පද පෙළ

Ipida Mare Song Lyrics - ඉපිද මැරේ ගීතයේ පද පෙළ
Song Title : Ipida Mare (ඉපිද මැරේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : එඩ්වින් සමරදිවාකර
“දස්කම” සිනමා නිර්මාණයෙනි.


ඉපිද මැරේ යළි ඉපදේ
නොතිර සසර සාගරේ //
අතරතුරේ නොමැරී මැරේ දස දහස්‌ වරේ
නිසල නැතේ සසල වෙතේ
නොතිර සසර සාගරේ

කුමණ නැටුම් කෙළි කවට සිනා දා //
මරුට නොමැත කිසිවිටකදි බාධා
ඔබට නොදන්වා මරු මෙහි ආදා

යන්නට සිදුවන්නේ ඉන්නට බැරි වන්නේ
නොතිර සසර සාගරේ
ඉපිද මැරේ යළි ඉපදේ
නොතිර සසර සාගරේ //

කුණු කය නිසරුයි
නැත පවතින්නේ
කළ හොඳ පමණයි
මෙලොව රැඳෙන්නේ
නැති බැරි කම ලෙඩ දුක ඇතිවන්නේ
අපටයි මිනිසුනේ ඇයි එය නොසිතන්නේ
නොතිර සසර සාගරේ
ඉපිද මැරේ යළි ඉපදේ
නොතිර සසර සාගරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment