Hemin Sare Pa Nagana Song Lyrics - හෙමින් සැරේ පා නඟනා ගීතයේ පද පෙළ

Hemin Sare Pa Nagana Song Lyrics - හෙමින් සැරේ පා නඟනා ගීතයේ පද පෙළ
Song Title : Hemin Sare Pa Nagana (හෙමින් සැරේ පා නඟනා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


දුවේ හර්ෂණී
සිනාසිසී දඟ කරනා
දුවේ හර්ෂණී
දුවේ හර්ෂණී

ජීවිතයේ මාළිගාව
සතුට පුරා දී මනාව
වාසනාව මට ගෙනාව
කැකුළු සුවඳ කිරි සිනාව
මල් සුවඳයි
පින් සුවඳයි

හෙමින් සැරේ පා නඟනා
දුවේ හර්ෂණී
දුවේ හර්ෂණී

රෝස මලක පාට ගෑව
ආකාසේ හැන්දෑවක
ඇත ඇදෙන කුරුළු රෑන
ගයන ගීත ඉල්ලාගෙන
මුමුණන්නම්
නළවන්නම්

හෙමින් සැරේ පා නඟනා
දුවේ හර්ෂණී
සිනාසිසී දඟ කරනා
දුවේ හර්ෂණී
දුවේ හර්ෂණී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment