Heen Sare Oba Awa Song Lyrics - හීන් සැරේ ඔබ ආවා ගීතයේ පද පෙළ

Heen Sare Oba Awa Song Lyrics - හීන් සැරේ ඔබ ආවා ගීතයේ පද පෙළ
Song Title : Heen Sare Oba Awa (හීන් සැරේ ඔබ ආවා)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග සුනේත්‍රා සරත්චන්ද්‍ර
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
වසන්තයේ දවසක් චිත්‍රපටියෙන්


හීන් සැරේ ඔබ ආවා ආවා
රෑ සයනෙන් පිබිදී ඔබ ආවා ආවා
යාන්තමින් මා සිත ඇඳි පිළිරුව
ඔබ ආවා ආවා
වැතිරී පෙම් සිරි යහනාවේ
ඔබ ආවා ආවා

තරුවෙන් තරුවට පැන පැන හෙමිහිට
මලකින් මලකට පියඹා කදිමට
මා දඟකාරිය
නාරිලතාවිය

කාන්සියේ බොඳ අදුර මකා හැර //
හීන් සැරේ ඔබ ආවා ආවා

මත් කොවුලන් ගීත නදින
සත් පියුමන් රේණු මතින //
අත්වැල් බැඳ නටමු නටමු
සිත් සැණකෙළියේ
සිත් සැණකෙළියේ

නීලඹ නිල් වියන යටින්
පින්න පිපුණු පළස මතින් //
සුරංගනා රැඟුම් රඟමු
සඳ තරුවලියේ
සඳ තරුවලියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment