Ema Pilithuru Geeya Song Lyrics - එම පිළිතුරු ගීය ගීතයේ පද පෙළ

Ema Pilithuru Geeya Song Lyrics - එම පිළිතුරු ගීය ගීතයේ පද පෙළ

Ema Pilithuru Geeya Song Lyrics - එම පිළිතුරු ගීය ගීතයේ පද පෙළ
Song Title : Ema Pilithuru Geeya (එම පිළිතුරු ගීය)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග නීලා වික්‍රමසිංහ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්
නොඑනා ගමනකි යන්නේ
එනමුත් ළඳූනේ මතු අත් භවයේ
ඔබ මා යළි හමුවන්නේ //

සියොළඟ හිමි ළඟ හදවත මා ළඟ
කෙලෙසද හද බැඳලන්නේ
කවුදෝ රැකවල් ලන්නේ
ඔබ මා යළි හමුවන්නේදස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්
නොඑනා ගමනකි යන්නේ
එනමුත් ළඳූනේ මතු අත් භවයේ
ඔබ මා යළි හමුවන්නේ
 
මිය යමි මනුලොව හමුවෙමි පෙම්ලොව
ලොව්තුරු සුව වළඳින්නේ
කිසිදා නැත සමුගන්නේ
ඔබ මා යළි හමුවන්නේ
දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්
නොඑනා ගමනකි යන්නේ
එනමුත් ළඳූනේ මතු අත් භවයේ
ඔබ මා යළි හමුවන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment