Daskon Saki Sanda Song Lyrics - දස්කොන් සකි සඳ ගීතයේ පද පෙළ

Daskon Saki Sanda Song Lyrics - දස්කොන් සකි සඳ ගීතයේ පද පෙළ
Song Title : Daskon Saki Sanda (දස්කොන් සකි සඳ)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්
නොඑනා ගමනකි යන්නේ
සක්මන් මළුවේ බැඳි පෙම් තොරණේ
මල් දම් ගිලිහී යන්නේ //

සියොළඟ හිමි ළඟ
හදවත ඔබ ළඟ
සිත යන යන තැන එන්නේ

මතු දා ඔබ හමුවන්නේ
මතු දා ඔබ හමුවන්නේ
මතු දා ඔබ හමුවන්නේ

ඔබ ළඟ නැති මුත්
ඔබගේ සුවඳයි
පවනේ පාවී එන්නේ

සයනේ සැඟවී ඉන්නේ
සයනේ සැඟවී ඉන්නේ
සයනේ සැඟවී ඉන්නේ

දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්
නොඑනා ගමනකි යන්නේ
සක්මන් මළුවේ බැඳි පෙම් තොරණේ
මල් දම් ගිලිහී යන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment