Athula Sinidu Sudu Walle Song Lyrics - අතුල සිනිඳු සුදු වැල්ලේ ගීතයේ පද පෙළ

Athula Sinidu Sudu Walle Song Lyrics - අතුල සිනිඳු සුදු වැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Athula Sinidu Sudu Walle (අතුල සිනිඳු සුදු වැල්ලේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මහාචාර්ය නන්දදාස කෝදාගොඩ
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


අතුල සිනිඳු සුදු වැල්ලේ
පතල සිහිල් සෙවණැල්ලේ
අතුල සිනිඳු සුදු වැල්ලේ
පතල සිහිල් සෙවණැල්ලේ
ළකල කොමළ ටිකිරි ලියක්
රබන් වයන්නා
ළකල කොමල ටිකිරි ලියක් රබන් වයන්නා

ලෝල සිතින් දුලා දෑස කොනින් බලා
දැත ගිගිරි සලා සලා රබන් වයන්නා
ළකල කොමළ ටිකිරි ලියක් රබන් වයන්නා

පවන් පහර හිසට වැදී තෙදින් වරල පෙරට අදී
නුවන් බඳන ඔමරි ලියක් රබන් වයන්නා
තාල මිහිරි නඟා නඟා රබන් වයන්නා

සවන පිනන මන බන්දන සිහින ලොවක රස කැන්දන
මියුරු හඬින් සුහුරු ලියක් රබන් වයන්නා
ගීත රාව නඟා නඟා රබන් වයන්නා

අතුල සිනිඳු සුදු සුදු වැල්ලේ
පතල සිහිල් සෙවණැල්ලේ
ළකල කොමළ ටිකිරි ලියක්
රබන් වයන්නා
ළකල කොමළ ටිකිරි ලියක් රබන් වයන්නා

ලෝල සිතින් දුලා දෑස කොනින් බලා
දැත ගිගිරි සලා සලා රබන් වයන්නා
ළකල කොමළ ටිකිරි ලියක් රබන් වයන්නා

ළකල කොමළ ටිකිරි ලියක් රබන් වයන්නා
ළකල කොමළ ටිකිරි ලියක් රබන් වයන්නා
ළකල කොමළ ටිකිරි ලියක් රබන් වයන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment