Adara Hagum Song Lyrics - ආදර හැඟුම් ගීතයේ පද පෙළ

Adara Hagum Song Lyrics - ආදර හැඟුම් ගීතයේ පද පෙළ
Song Title : Adara Hagum (ආදර හැඟුම්)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : දයානන්ද ගුණවර්ධන
තනුව : සෝමදාස ඇල්විටිගල


ආදර හැඟුම් ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්

සැඳෑ අඳුරේ සැළෙන තරු එළි

මගේ හද තුළ කරයි විමසිලි

සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
නැගෙන ගනඳුර වඩයි සිතුවිලි
මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි

ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්

කිමද ඔබ මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නොඉන්නේ
රහස නැතිවද මං නොදන්නේ
තුරුළෙ බමරුන් නොවෙද ඉන්නේ

ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment