Subashini Oba Mage Namata Ewu Song Lyrics - සුභාෂිණී ඔබ මගේ නමට එවු ගීතයේ පද පෙළ

Subashini Oba Mage Namata Ewu Song Lyrics - සුභාෂිණී ඔබ මගේ නමට එවු ගීතයේ පද පෙළ
Song Title : Subashini Oba Mage Namata Ewu (සුභාෂිණී ඔබ මගේ නමට එවු)
ගායනය : පුන්සිරි සොයිසා
පද : චන්ද්‍රදාස ප්‍රනාන්දු


සුභාෂිණී ඔබ මගේ නමට එවු
ඇරයුම්පත ලැබුණා
මනාලියක වී සුභ නැකතින් හෙට
යන බව එහි තිබුණා
ඊයේ වන තුරු මට පෙම් බැන්දේ
ඔබදැයි සැක සිතුණා
ඔබේ චපලකම හඳුණාගන්නට
සිව් වසරක් ගෙවුණා

යාළු මිතුරු කැල ඔබ ගැන කී දෙය
ගැන නෑ මා සිතුවේ
පාළු සිතට මගෙ එළියක් ඔබගෙන්
ලැබගන්නයි පැතුවේ
ලෝකය එරෙහිව ආවත් මා හැර
නොයන බවයි කීවේ
ප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක
ඔබමයි මට ලීවේ

සුභාෂිණී ඔබ මගේ නමට එවු
ඇරයුම්පත ලැබුණා
මනාලියක වී සුභ නැකතින් හෙට
යන බව එහි තිබුණා

මංගල දිනයට ඇරයුම් කෙරුවත්
කෙළෙසද මා එන්නේ
පෙම් කල සිතකට වෛර කරන්නට
සිත නෑ ඉඩ දෙන්නේ
සිතට වහල් වී මා හැර යන මුත්
නෑ දොස් පවරන්නේ
ඔබ වැනි ළඳකට පෙම් කල මා ගැන
මම අද දුක්වෙන්නේ

සුභාෂිණී ඔබ මගේ නමට එවු
ඇරයුම්පත ලැබුණා
මනාලියක වී සුභ නැකතින් හෙට
යන බව එහි තිබුණා
ඊයේ වන තුරු මට පෙම් බැන්දේ
ඔබදැයි සැක සිතුණා
ඔබේ චපලකම හඳුණාගන්නට
සිව් වසරක් ගෙවුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment