Sithata Gathata Danena Lesata Song Lyrics - සිතට ගතට දැනෙන ලෙසට ගීතයේ පද පෙළ

Sithata Gathata Danena Lesata Song Lyrics - සිතට ගතට දැනෙන ලෙසට ගීතයේ පද පෙළ
Song Title : Sithata Gathata Danena Lesata (සිතට ගතට දැනෙන ලෙසට)
ගායනය : අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව
තනුව : චන්ද්‍රාල් ෆොන්සේකා
පද : චන්ද්‍රා හේවාදිත්‍ය


සිතට ගතට දැනෙන ලෙසට
ඔබෙන් නැගෙන පෙම් සිනාව
සැමදා එක ලෙස ලැබෙනවද
මා දුටු විට ඔබේ මුවේ
නිතර ඇදෙන පෙම් සිනාව
කිසිදා අමතක නොවෙනවද //

ගේ කුරුලන් කිචි බිචි ගා
අතන කරන පෙම් කතාව
මුවට මුව තබා පෙන්වන
ආදර බර ජවනිකාව
අපේ ලොවත් මේවාගෙද
ආදරයත් මේවාගෙද

සිතට ගතට දැනෙන ලෙසට
ඔබෙන් නැගෙන පෙම් සිනාව
සැමදා එක ලෙස ලැබෙනවද
මා දුටු විට ඔබේ මුවේ
නිතර ඇදෙන පෙම් සිනාව
කිසිදා අමතක නොවෙනවද

ආදර බස් දොඩ දොඩ
ඔබ ළඟ ඉන්නටමයි මනාව
දැක දැක ඉන්නට ආසයි
ඔබෙ ආදර ඔය සිනාව
සැමට හොරෙන් මට පමණක්
පෙන්වන්නකො පෙම් සිනාව

සිතට ගතට දැනෙන ලෙසට
ඔබෙන් නැගෙන පෙම් සිනාව
සැමදා එක ලෙස ලැබෙනවද
මා දුටු විට ඔබේ මුවේ
නිතර ඇදෙන පෙම් සිනාව
කිසිදා අමතක නොවෙනවද

සැමදා එක ලෙස ලැබෙනවද
කිසිදා අමතක නොවෙනවද //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment