Sinahawa Atharin Song Lyrics - සිනහව අතරින් ගීතයේ පද පෙළ

Sinahawa Atharin Song Lyrics - සිනහව අතරින් ගීතයේ පද පෙළ
Song Title : Sinahawa Atharin (සිනහව අතරින්)
ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය : හෙක්ටර් සොයිසා
ගී පද : සී.ටී. පෙරේරා


සිනහව අතරින් කදුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින් කදුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින්

හිමකැට වැටෙනා සීතල උදයක
ඇය හමුවූවා කඳුකර පෙදෙසක
හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ
හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳුරේ
කඳුලැලි දුන් ඔය නිල්මිනි දෑසට
කඳුලැලි දුන් ඔය නිල්මිනි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

සිනහව අතරින් කදුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින් කදුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින්

හදවත ගොළු නැත මා මියුලැසියේ ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මට සතුටට හිටියේ
ඔබ පමණයි මට සතුටට හිටියේ
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
නිල්මිනි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

සිනහව අතරින් කදුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින් කදුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment