Sihine Vilase Song Lyrics - සිහිනේ විලසේ ගීතයේ පද පෙළ

Sihine Vilase Song Lyrics - සිහිනේ විලසේ ගීතයේ පද පෙළ
Song Title : Sihine Vilase (සිහිනේ විලසේ)
ගායනය : අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව


සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා
සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා //

දෑස පුරෝගෙන සීතල කඳුළැලි
සිතුවේ ඔබ ගැනමයි ළඳුනේ
පාළුව අතරේ මා ඔබ ඇසුරේ
සිතුවම් මා සිත හඬවන්නේ
කඳුලින් බොඳවී ආදර ලෝකේ
නෑ හමුවන්නේ අප ආයේ

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා
සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා

නාඳුනනා ලෙස ඈතට වෙමු අපි
සැඟවී ගිය පසු මල් සිහිනේ
මා තනි අතරේ මේ ඝන අඳුරේ
කොහි යම්දෝ නෑ වැටහෙන්නේ
සිහිනෙන් සිහිනේ ආදර ලෝකේ
නෑ හමුවන්නේ අප ආයේ

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා
සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment