තෙම්පරාදු පොල් රොටි හදමු (Pol Roti)

තෙම්පරාදු පොල් රොටි හදමු (Pol Roti) - Your Choice Way
මම අද උදේට කන්න රස කෑමක් හැදුවා . තෙම්පරාදු පොල් රොටි . හරිම ලෙහෙසියි හදන්න . මම නම් තෙම්පරාදු රොටි කන්න චිකන් කරි එකක් සාදා ගත්තා . මෙහෙමයි තෙම්පරාදු රොටි හැදුවේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි 200g
  • තරමක පොල් බැයක පොල් 
  • තරමක ලොකු ළුනු ගෙඩ් 1/2  (සිහින්ව කපා ගත් )
  • අමු මිරිස් කරල් 2 (සිහින්ව කපා ගත් )
  • කරපිංච ටිකක් (සිහින්ව කපා ගත් )
  • ලුනු 
  • වතුර කප් 1  1/2

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයක් ලිප තබා තෙල් දමා රත් වු විට එයට අමු මිරිස්   ළුනු , කරපිංච එකතු කර තෙම්පරාදු කරන්න . 
  2. දැන් එයට ලුනු එකතු කර මිශ්‍ර කරන්න . පසුව එයට පොල් එකතු කර මිශ්‍ර කර මලවන්න . නැවත ලුනු කුඩු ටිකක් එකතු කරන්න . හොඳින් මිශ්‍ර කරන්න .
  3. පොල් මැලවු පසු එයට වතුර එකතු කර කලවම් කර වතුර උණු වු පසුව පිටි ටික ටික එකතු කරමින් හොඳින් මිශ්‍ර කරන්න . 
  4. එසේ කල පසු ලිපෙන් ඉවත් කර වෙනත් භාජනයකට දමා නිවෙන්න පැත්තකින් තබන්න . දැන් මෙම මිශ්‍රණය තව ටිකක් අතින් අනන්න . ඊට පසු තරමක බෝල සාදා තෙල් ගා ගත් පිගානක තුනී කරන්න .(පහල පින්තූරයේ පෙනන පරිදි )
  5. අවසානෙට එසේ සාදා ගත් තෙම්පරාදු රොටි නන් ස්ටික් භාජනයේ හෝ රොටි තැටියක දෙපැත්තම පුළුස්සා ගන්න . හදලා බලන්න කෝ .
ධම්මිකා පනංගල
තෙම්පරාදු පොල් රොටි හදමු (Pol Roti) - Your Choice Way

තෙම්පරාදු පොල් රොටි හදමු (Pol Roti) - Your Choice Way

තෙම්පරාදු පොල් රොටි හදමු (Pol Roti) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment