Obe Upan Dine Adai Song Lyrics - ඔබේ උපන් දිනේ අදයි ගීතයේ පද පෙළ

Obe Upan Dine Adai Song Lyrics - ඔබේ උපන් දිනේ අදයි ගීතයේ පද පෙළ
Song Title : Obe Upan Dine Adai (ඔබේ උපන් දිනේ අදයි)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි


ඔබේ උපන් දිනේ අදයි
ඔබේ උපන් දිනේ
මේ පැතුම් මගේ ආදරේ
දිගුකල් යෙහෙන් සැරදේ
සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ

මා හා කියූ දේ ළං වී මුවෙන්
ගිලිහී ගියාදෝ ඔබගේ හදින්
කම් නෑ එයින් මා නොසැලී හිඳිම්
පිළිගන්වමී මගේ රුවන් පැතුම්

ඔබේ උපන් දිනේ අදයි
ඔබේ උපන් දිනේ
මේ පැතුම් මගේ ආදරේ
දිගුකල් යෙහෙන් සැරදේ
සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ

ඉවත හෙළාලා සෙනෙහේ කැළුම්
ඇයි මා පෙළන්නේ නොදොඩා මුවින්
කම් නැහැ එයින් මා නොසැලී හිඳින්
පිළිගන්වමී මගේ රුවන් පැතුම්

ඔබේ උපන් දිනේ අදයි
ඔබේ උපන් දිනේ
මේ පැතුම් මගේ ආදරේ
දිගුකල් යෙහෙන් සැරදේ
සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment