Oba Ma Pelu Da Song Lyrics - ඔබ මා පෙළූ දා ගීතයේ පද පෙළ

Oba Ma Pelu Da Song Lyrics - ඔබ මා පෙළූ දා ගීතයේ පද පෙළ
Song Title : Oba Ma Pelu Da (ඔබ මා පෙළූ දා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : පැට්‍රික් දෙණිපිටිය
1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත්වූ "මා නිසා ඔබ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Shans - 1007)



ඔබ මා පෙළූ දා නොදොඩා හැඬූ සිත
මා හා සිනාසෙනවා //

මා නෑ කියාලා සඳ ඊයෙ නාවද
නෑ නේ සඳේ නෑ නේ
මා නෑ කියාලා ඉරු ආයෙ නේවිද
නෑ නේ ඉරේ නෑ නේ
පෙර සේ නොවේදෝ දිලෙන්නේ

ඔබ මා පෙළූ දා නොදොඩා හැඬූ සිත
මා හා සිනාසෙනවා

මා නෑ කියාලා ඔබ සෝක වූවද
නෑ නේ ළඳේ නෑ නේ
ඈ නෑ කියාලා මම සෝක වේවිද
නෑ නේ ළඳේ නෑ නේ
කවුදෝ පරාජේ ලබන්නේ

ඔබ මා පෙළූ දා නොදොඩා හැඬූ සිත
මා හා සිනාසෙනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment