Muthu Latha Song Lyrics - මුතු ලතා ගීතයේ පද පෙළ

Muthu Latha Song Lyrics - මුතු ලතා ගීතයේ පද පෙළ
Song Title : Muthu Latha (මුතු ලතා)
ගායනය : අතුල අධිකාරි
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආනන්ද පෙරේරා
සංගීතය : ශක්ති


මුතු ලතා
සිනහා පොකුරු පා
මුතු මැණිකේ
බලනු එපා
නෙත පැටලී
සිත මා අසරණ වෙලා

මම ළඳේ
කෙලෙසද කියන්නේ
ආල හැඟුම්
මුව ගොළුවේ
හිත පැටලී
සිත මා අසරණ වෙලා

ගෙලේ තොරොම්බොල් මාලේ පළඳා
ඉහේ තැඹිලි තෙල් ගාලා පීරා
පාළොස්වක පෝදා
හඳ ගමට වඩින ලීලෙන්
දෙවටේ නුඹ එන්නා

මුතු ලතා
සිනහා පොකුරු පා
මුතු මැණිකේ
බලනු එපා
නෙත පැටලී
සිත මා අසරණ වෙලා

තුන් තිස් පැය රෑ නිදි නම් නැතුවා
ඉලන්දාරි මං රහසේ හැඬුවා
මුතු බිඳු මුතු මැණිකේ
නුඹ කරකාරෙට ගන්ටා
පූරුවෙ පින් නැතුවා

මුතු ලතා
සිනහා පොකුරු පා
මුතු මැණිකේ
බලනු එපා
නෙත පැටලී
සිත මා අසරණ වෙලා

හෝ හෝ.....
හෝ ඕ..ඕඕ....
හෝ.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment