Hanthana Sewane Song Lyrics - හන්තාන සෙවණේ ගීතයේ පද පෙළ

Hanthana Sewane Song Lyrics - හන්තාන සෙවණේ ගීතයේ පද පෙළ

Song Title : Hanthana Sewane (හන්තාන සෙවණේ)
ගායනය : ස්වර්ණලතා කවීශ්වර
පද : මැණිකේ වීරසිංහ
සංගීතය : ගුණදාස කපුගේ


හන්තාන සෙවණේ
රතු මල් විමානේ
මොහොතක් රැඳී ඉන්න සුවසේ
අපි දෙන්න නෑ පිං කළේ //

සංකා රැඳීලා දිව රෑ දෙකේ හී
වැලපෙන්නේ හද දුක් දරා
සතුටින් හිනාවෙන් නේවාසිකාගාරෙ
මට ඉන්න බෑ නෙත් අයා

හන්තාන සෙවණේ
රතු මල් විමානේ
මොහොතක් රැඳී ඉන්න සුවසේ
අපි දෙන්න නෑ පිං කළේ

අඳුරේ කලාගාරෙ රැඟුමන් බලනු බෑ
තනියක් දැණේ ගත වටා
මගෙ සිත පුරාවේ සිතුවිලි රැඳී ප්‍රේම
නොදැනීම එයි ඔබ කරා

හන්තාන සෙවණේ
රතු මල් විමානේ
මොහොතක් රැඳී ඉන්න සුවසේ
අපි දෙන්න නෑ පිං කළේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment