Hada Handala Song Lyrics - හද හඬලා ගීතයේ පද පෙළ

Hada Handala Song Lyrics - හද හඬලා ගීතයේ පද පෙළ
Song Title : Hada Handala (හද හඬලා)
ගායනය : අතුල අධිකාරි
තනුව : රූකාන්ත ගුණතිලක
පද : රූකාන්ත ගුණතිලක


හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
අප හමු වූ අප තෙපලූ
අප හමු වූ තෙපලූ වෙන්වූ
ගං තීරේ මේ
මා හැඬවූ මා සැනසූ
මා තනි වූ ගංගාව මේ

හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා
පෙරදා ගංගා තෙරේ

ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
හදේහී සෙනේහේ තමයි

ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
මාගේ සෙනේහේ තමයි

හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ

කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
පැවසූ කතාවන් සැනසූ ලතාවන්
මාගේ හදේහී තියේ

කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
පැවසූ කතාවන් සැනසූ ලතාවන්
හද වේදනාවන් ගෙනේ

හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
අප හමු වූ අප තෙපලූ
අප හමු වූ තෙපලූ වෙන්වූ
ගං තීරේ මේ
මා හැඬවූ මා සැනසූ
මා තනි වූ ගංගාව මේ

හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා
පෙරදා ගංගා තෙරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment