මානව ඉතිහාසය වෙනස් කළ මහා සටන් (Great Battles) - පස්වන කොටස

මානව ඉතිහාසය වෙනස් කළ මහා සටන් (Great Battles) - පස්වන කොටස - Your Choice Way

ස්ටාලින්ග්‍රෑඩ් වැටලීම (The Siege of Stalingrad) - 1942

ස්ටාලින්ග්‍රෑඩ් වටලෑම මාස හයකට ආසන්න කාලයක් පැවති අතර එය දෙවන ලෝක යුද්ධ සමයේ සිදු වූ විශාලතම ගැටුම ලෙසද සැළකේ. 1942 අගෝස්තු මාසයේදී ඇඩොල්ෆ් හිට්ලර් සෝවියට් සංගමයේ පාලනය අත්පත් කර ගැනීමේ උත්සාහයක් ලෙස පාබල හමුදාවන්ට පහර දීමට පෙර කාර්මික නගරයක් වූ ස්ටාලින්ග්‍රෑඩ් (වර්තමානයේ වොල්ගොග්‍රෑඩ් ලෙස හැඳින්වේ) ගුවනින් බෝම්බ හෙලීය.

ඉන් පසු ආක්‍රමණය ආරම්භ කළ අතර රුසියානුවන් එකා පිට එකා මිය යමින් කෙසේ හෝ ශීත කාලය එන තුරු ජර්මානුවන් ට ස්ටාලින්ග්‍රෑඩ් වෙත ළඟා වීමට ඉඩ නොදෙන ලදී. රුසියානු හමුදාවේ බොහෝ සිටියේ ස්වේච්ඡා පුරවැසියන් වූ අතර ඔවුන්ගෙන් සමහරෙකුට ආයුධයක් පවා ලබා දී තිබුණේ නැත. නමුත් ශීත කාලය පැමිණි අතර අධික ශීතල නිසා ජර්මානු යුධ ටැංකි ක්‍රියා විරහිත වී ගිය අතර ආහාර ඇතුළු අනෙකුත් සැපයුම් ලබා ගැනීමටද නොහැකි විය. 

කෙසේවෙතත්, 1942 පෙබරවාරි වන විට සෝවියට් හමුදාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම කුරිරු කොන්දේසි සහ සැපයුම් හිඟය නිසා ජර්මානු හමුදා අවසානයේ ස්ටාලින්ග්‍රෑඩ් පෙනි පෙනී  යටත් වීමට සිදු විය.

වටලෑමේදී මිලියන 2 කට ආසන්න ජනතාවක් මිය ගිය බව වාර්තා වේ.  මෙම සටනත් සමග ජර්මානුවන් නැගෙනහිර ප්‍රදේශයන්ට කර ගෙන ගිය ආක්‍රමණයන් ගේ අවසානය සටහන් විය.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment