Daiwaye Saradamin Song Lyrics - දෛවයේ සරදමින් ගීතයේ පද පෙළ

Daiwaye Saradamin Song Lyrics - දෛවයේ සරදමින් ගීතයේ පද පෙළ
Song Title : Daiwaye Saradamin (දෛවයේ සරදමින්)
ගායනය : අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව
තනුව : රදීෂ් වැන්දබෝනා
පද : සජිත් වී. චතුරංග


දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්
බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්
හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්
වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්
සමාවෙනව ද මගෙන්

හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම් //
දැන උන්නා නම් - විදවන තරම්
සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්

මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන් //
දැන උන්නා නම් - විදවන තරම්
සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්

දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්
බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්
හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්
වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්
සමාවෙන්න ද මගෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment