Bindunu Pemaka Wiraha Wirame Song Lyrics - බිඳුණු පෙමක විරහ විරාමේ ගීතයේ පද පෙළ

Bindunu Pemaka Wiraha Wirame Song Lyrics - බිඳුණු පෙමක විරහ විරාමේ ගීතයේ පද පෙළ

Bindunu Pemaka Wiraha Wirame Song Lyrics - බිඳුණු පෙමක විරහ විරාමේ ගීතයේ පද පෙළ
Song Title : Bindunu Pemaka Wiraha Wirame (බිඳුණු පෙමක විරහ විරාමේ)
ගායනය : පුන්සිරි සොයිසා, ස්වර්ණලතා කවීශ්වර
සංගීතය : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
ගී පද : කුසුම් පීරිස්


බිඳුණු පෙමක විරහ විරාමේ
හද හඬනා හඬ මට දැනුණේ
ඒ කඳුළු බිඳක ඔය රුව මැවුණේ
නිසල පෙමක උරුමය ලැබුණේ

සුසුමේ උණුසුම ලබමින් නෑ ළතවන්නේ
ඈත මතකයෙන් වෙන් වී මා ළඟ ඉන්නේ
හිත නෑ දැන් තනිවම ඉන්නේ
මැණිකේ මා ළඟ හිනැහෙන්නේ

බිඳුණු පෙමක විරහ විරාමේ
හද හඬනා හඬ මට දැනුණේ
ඒ කඳුළු බිඳක ඔය රුව මැවුණේ
නිසල පෙමක උරුමය ලැබුණේ

හද සෙවනේ සිසිල ලබා විඩා නිවන්නේ
මගේ පෙමිනි සුහද ඔබේ දිවිය නිවන්නේ
හද සෙවනේ සිසිල ලබන්නේ
ඔබේ පෙමිනි යලි උපදින්නේ

බිඳුණු පෙමක විරහ විරාමේ
හද හඬනා හඬ මට දැනුණේ
ඒ කඳුළු බිඳක ඔය රුව මැවුණේ
නිසල පෙමක උරුමය ලැබුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment