Athithaya Pawa Song Lyrics - අතීතයේ පවා ගීතයේ පද පෙළ

Athithaya Pawa Song Lyrics - අතීතයේ පවා ගීතයේ පද පෙළ
Song Title : Athithaya Pawa (අතීතයේ පවා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ස්ටැන්ලි පීරිස්
1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත්වූ "අතීතයේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Shans - 1115)



අතීතයේ පවා
මගේ ළඟින් සිටී
භවෙන් භවේ පැතූ මා
ඔබේය සෑමදා

දවසක මා අමතා නොපෙනී කතා කළේ
දිනකදි මා හඬවා මා පෙළා නිහඬ වුණේ

අතීතයේ පවා
මගේ ළඟින් සිටී
භවෙන් භවේ පැතූ මා
ඔබේය සෑමදා

කෙදිනක හෝ ඔබගේ නොඉඳුල් සෙනෙහ විලේ
සැනසෙන්නම් නැවතී ආදරෙන් හිතූ ලෙසින්

අතීතයේ පවා
මගේ ළඟින් සිටී
භවෙන් භවේ පැතූ මා
ඔබේය සෑමදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment