දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 20 ජාත්‍යන්තර මානව සහයෝගිතා දිනය (Significance Of The Day - December 20 International Human Solidarity Day)

දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 20 ජාත්‍යන්තර මානව සහයෝගිතා දිනය (Significance Of The Day - December 20 International Human Solidarity Day) - Your Choice Way

දෙසැම්බර් මාසයේ 20 වන දිනට ජාත්‍යන්තර මානව සහයෝගිතා දිනය යෙදිලා තියෙනවා.

21 වන සියවසේ අන්තර්ජාතික සබඳතාවල මූලික සාරධර්මවලින් එකක් විදිහට “සහයෝගීතාවය” හඳුනාගෙන තියෙනවා. ඒ අනුව ලෝකයේ සෑම රටකම දුක් විඳින හෝ අඩු පහසුකම් විඳින මිනිස්සුන්ට උදව් උපකාර කරන්න, සැප පහසුකම් තියෙන හෝ පොහොසත් මිනිස්සු පෙළඹෙන්න ඕන. ඒ ඔස්සෙ මිනිස්සු අතරේ තියෙන ගොඩක් අසමානතාවයන් අඩු කරගන්න පුලුවන්.

කොහොමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය වෙන්නෙම සාමය, මානව හිමිකම්, සමාජ සහ ආර්ථික සංවර්ධනයන් ප්‍රවර්ධනය කිරීමට ලෝකයේ ජනතාවගේ සහ ජාතීන්ගේ එකතුවකින්.
  1. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හැම අවුරුද්දකම දෙසැම්බර් 20 වෙනිදට මේ විදිහට ජාත්‍යන්තර මානව සහයෝගිතා දිනයක් නම් කිරීමේ ප්‍රධාන අරමුණ කිහිපයක් තියෙනවා. ඒ තමයි,
  2. මිනිසුන් අතර තිබිය යුතු සහයෝගීතාවයේ යහපත් ප්‍රතිපල පිළිබඳව මිනිසුන්ව දැනුවත් කිරීම
  3. මානව සහයෝගිතාවයන් සම්බන්ධව ජාත්‍යන්තර ගිවිසුම් වලදී ඔවුන්ගේ කැපවීම්වලට ගරු කරන ලෙස රජයන්ට මතක් කර දීම
  4. දරිද්‍රතාවය තුරන් කිරීම ඇතුළු තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගීතාව ප්‍රවර්ධනය කළ හැකි මාර්ග පිළිබඳ කතිකාවත් ඇති කිරීම
  5. දරිද්‍රතාවය තුරන් කිරීම වෙනුවෙන් කරන නව ව්‍යාපෘති සඳහා දිරි ගැන්වීම
ඔයාලා අහලා ඇති එක්සත් ජාතීන්ගේ අරමුදල කියලා අරමුදලක් ගැන. මේ අරමුදලේ පරමාර්ථය වෙන්නෙත් දුප්පත්කම තුරන් කිරීම සහ සංවර්ධනය වෙමින් පවතින රටවල, විශේෂයෙන්ම ඒ අයගේ ජනගහනයේ දුප්පත්ම කොටස් අතර මානව සහ සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment