දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 18 ජාත්‍යන්තර සංක්‍රමණික දිනය (Significance Of The Day - December 18 International Migrants Day)

දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 18 ජාත්‍යන්තර සංක්‍රමණික දිනය (Significance Of The Day - December 18 International Migrants Day) - Your Choice Way

දෙසැම්බර් මාසයේ 18 වෙනිදට “ජාත්‍යන්තර සංක්‍රමණික දිනය” යෙදිලා තියෙනවා.

1990 වසරේ දෙසැම්බර් මාසයේ 18 වෙනිදා සියලුම සංක්‍රමණික කම්කරුවන්ගේ සහ එයාලගෙ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ යෝජනාවක් සම්මත වුණා. ඒ අනුව මේ දෙසැම්බර් 18 දිනය පාදක කරගෙන 2000 වසරේදි, මේ වගේ දවසක් නම් කරන යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් සම්මත වුණා.

මේ දිනය සැමරීමේ අරමුණු කිහිපයක් තියෙනවා.
  1. සංක්‍රමණිකයින්ගේ මානව හිමිකම් සහ මූලික දේශපාලන නිදහස පිළිබඳ තොරතුරු බෙදා හැරීම.
  2. සංක්‍රමණිකයින්ගේ මානව අත්දැකීම් හුවමාරු කර ගැනීම.
  3. සංක්‍රමණිකයින්ගේ මානව අයිතිවාසිකම්වලට ගරු කිරීම ප්‍රවර්ධනය කිරීම.
  4. සංක්‍රමණිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට රජයන්ගේ අවධානය යොමු කිරීම.
  5. සංක්‍රමණිකයන් මිලියන ගණනක් ඔවුන්ගේ සත්කාරක සහ මව් රටවල ආර්ථිකයන් සඳහා කරන ලද දායකත්වය හඳුනා ගැනීම.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment