Ranambara Indu Dunu Song Lyrics - රණඹර ඉඳු දුනු ගීතයේ පද පෙළ

Ranambara Indu Dunu Song Lyrics - රණඹර ඉඳු දුනු ගීතයේ පද පෙළ
Song Title : Ranambara Indu Dunu (රණඹර ඉඳු දුනු)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා //

රන් බඳ රන් කුඹු රන් සළු වෙලා
චන්දන අංජන දෙනෙතේ උලා
දෙපයේ කිංකිණි නූපුර සොලවා
මා වෙත ඈ එනවා

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා

ඇගෙ ළැම රන් ගිරි බ‌ෙයද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ
සිහින විමානේ ආදර මතඟන
මා වෙත ඈ එනවා

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment