Ma Wenuwenma Nupan Kumari Song Lyrics - මා වෙනුවෙන්ම නූපන් කුමාරී ගීතයේ පද පෙළ

Ma Wenuwenma Nupan Kumari Song Lyrics - මා වෙනුවෙන්ම නූපන් කුමාරී ගීතයේ පද පෙළ
Song Title : Ma Wenuwenma Nupan Kumari (මා වෙනුවෙන්ම නූපන් කුමාරී)
ගායනය : ප්‍රියා සුරියසේන
තනුව : මර්වින් පෙරේරා


මා වෙනුවෙන්ම නූපන් කුමාරී
සිත දවනා වරම් දුන් කුමාරී
ඔබ ඔහුගේම මනමාලි වේවා
මුලු කල්පයෙහි මගෙ නෙත් හඬාවා

මගෙ ජීවන විලේ නිහඬ තැන්නේ
මට නොකියාම ඇයි මල් පිපෙන්නේ

ඒ මල් නැතිලු මට උරුම වන්නේ
එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නේ
මට වැලපෙන්න රෑ හුදකලාවේ
සුදු කමලක් සුගන්දේ දෙවාවී

මා වෙනුවෙන්ම නූපන් කුමාරී
සිත දවනා වරම් දුන් කුමාරී
නව පති පතිනි දිගුකල් දිනේවා
මගෙ සිහිනයක හෝ ඔබ ඉඳීවා

ඔබෙ සුදු පාද දෝවන්න මාගේ
නෙත ඇත තාම කඳුළැල් මහෝගේ
අන්සතු වස්තුවක් හා බැඳෙන්නේ
සිත මෙතරම් අකීකරුද මාගේ
මේ මිනිසත් බවින් මා ලැබූවේ
අසරණ වෙන්න වරමක් නොවේදෝ

මා වෙනුවෙන්ම නූපන් කුමාරී
සිත දවනා වරම් දුන් කුමාරී
ඔබ ඔහුගේම මනමාලි වේවා
මුලු කල්පයෙහි මගෙ නෙත් හඬාවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment