Kiri Muda Kalabala Gena Song Lyrics - කිරි මූද කළඹාලා ගෙනා ගීතයේ පද පෙළ

Kiri Muda Kalabala Gena Song Lyrics - කිරි මූද කළඹාලා ගෙනා ගීතයේ පද පෙළ
Song Title : කිරි මූද කළඹාලා ගෙනා (Kiri Muda Kalabala Gena)
ගායනය : ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන)
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "කිරි මුහුද" EP තැටියට අඩංගු වූ ගීයකි.
(EP Lotus / LECL 001 GC 001)


කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාලිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි ...//

ගීතයයි මලයි
සීන ලෝකයයි
රන් තරුයි සඳයි
පුතේ ඔබේ තමයි
සීනෙකින් ඔබේ
දෙතොල් සැලී ඉබේ
තරු මෙන් ගුවන් ගැබේ
දිලෙයි දෙනෙත් ඔබේ

කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාලිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි

තාත්තගේ සිතේ
පැතුම් පිරී ඇතේ
අම්මගේ සිතේ
සෙනේ පිරී ඇතේ
ඔබේ කුඩා නෙතේ
කැළුම් බැලුම් පුතේ
සදා අපේ සිතේ
රැඳී තිබෙයි පුතේ

කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාලිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි

හා... අආ... හා හා හා.......
හා හා හා....... හආ......
හා හා හා.......  ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment