Dasa Masak Song Lyrics - දස මසක් ගීතයේ පද පෙළ

Dasa Masak Song Lyrics - දස මසක් ගීතයේ පද පෙළ
Song Title : Dasa Masak (දස මසක්)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : විශාරද ගුණදාස කපුගේ


(ඕ................ ) (ඕ................ ) (ඕ................ )

දස මසක් මා කුස තුළ උන් පුතුනේ
දැන් ඉතින් අප වෙන් ව යා යුතුවේ (ඕ................ )
වීසි කරමි වන ලැහැබට දෑස පියාගෙන
නයි පොළඟුන්ගෙන් මවන ලබාවා
වග වලසුන්ගෙන් පියකු ලබාවා

(ඕ................ ) (ඕ................ ) (ඕ................ )

දැඩි වී වග වලසුන් අතරේ
වලසකු වී අවුදින්
පුතුනේ (ඕ................ )
වීසි කරන්නට දරුවන් තනනා
ලෝකය කා වනසන් පුතුනේ

(ඕ................ ) (ඕ................ ) (ඕ................ )

සැතපී නයි පොළඟුන් දරණේ
පොළඟකු වී අවුදින්
පුතුනේ (ඕ................ )
අහක දමන්නට දරුවන් වදනා
ලෝකය කා වනසන් පුතුනේ

දස මසක් මා කුස තුළ උන් පුතුනේ
දැන් ඉතින් අප වෙන් ව යා යුතුවේ (ඕ................ )
වීසි කරමි වන ලැහැබට දෑස පියාගෙන
නයි පොළඟුන්ගෙන් මවන ලබාවා
වග වලසුන්ගෙන් පියකු ලබාවා
(ඕ................ )

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment