Budune Budu Piyanane Song Lyrics - බුදුනේ බුදු පියාණනේ ගීතයේ පද පෙළ

Budune Budu Piyanane Song Lyrics - බුදුනේ බුදු පියාණනේ ගීතයේ පද පෙළ
Song Title : Budune Budu Piyanane (බුදුනේ බුදු පියාණනේ)
ගායනය : ෂෙල්ටන් පෙරේරා
ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : සරත් දසනායක
චිත්‍රපටිය : සසර චේතනා (1984)
මෙම ගීයට සරසවි සම්මාන උළලේ හොඳම ගීයට හිමි සම්මානය හිමි විය.


බුදුනේ....
බුදුනේ....
බුදු පියාණනේ....

මනුසත් දෙරණේ අඳුර මකා
පුනරාගමනය කළ මැනවී
පුනරාලෝකය දෙනු මැනවී
බුදුනේ....
බුදු පියාණනේ....

පියාණනේ ඔබ බෝ මැඩ සිටියත් නිසංසලේ
ඔබ සෙවණැල්ලේ දුසිරිත් දැඩි වෙයි නිරන්තරේ
බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය
නොදහම මැද මියැදී අවසානය

බුදුනේ....
බුදු පියාණනේ....

නිවන් පුරේ සිට අදිසි වෙසින් හෝ වැඩමකරන්
මිනිසත් කම ගැන බණ පදයෙන් හෝ බය දුරලන්
ඔබ දුටු නිර්මල දැහැමි අතීතය
අදමිටු ජනයින් අතර අනාතය

බුදුනේ....
බුදු පියාණනේ....
මනුසත් දෙරණේ අඳුර මකා
පුනරාගමනය කළ මැනවී
පුනරාලෝකය දෙනු මැනවී

බුදුනේ....
බුදු පියාණනේ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment