බතල ව්‍යංජනය හදමු (Bathala - Sweet Potato Curry)

බතල ව්‍යංජනය හදමු (Bathala - Sweet Potato Curry) - Your Choice Way

මම අද උදේට කන්න රසම රස කෑමක් හැදුවා . නමක් නැහැ මේකට . බතල තම්බලා හදන්නේ . බලන්න කෝ මෙහෙම බතල කාලා තියෙනවාද කියලා . හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න .මෙහෙමයි හැදුවේ.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • බතල  750g (තම්බා ගත්.තම්බන විට මතක ඇතුව ලුනු දාන්න.එවගේම තරමක ප්‍රමාණයට කපා ගන්න)
  • කැලි මිරිස් තේ හැදි 3 (සැර අවශ්‍ය නම් තව එකතු කරන්න)
  • අබ තේ හැදි   1/2
  • කහ කුඩු තේ හැදි  1/2
  • කරපිංච ටිකක්  (සිහින්ව කපා ගත්)
  • තරමක ලොකු ළුනු ගෙඩ්  1
  • ලුනු කුඩු  තේ හැදි 1 
  • උකු පොල් කිරි  කප්  1/2
  • සිහින්ව ගා ගත් පොල් මේස හැදි 6
  • තෙල් මේස හැදි 3 

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව තම්බා ගත් බතල තරමක ප්‍රමාණ කොටු හැඩයට කපා ගන්න (පහල පින්තූරයේ පෙනන පරිදි ).
  2. භාජනයක් ලිප තබා තෙල් දමා රත් වු විට අබ එකතු කර පිපිරෙන විට සුදු ළුනු එකතු කර හොඳින් මිශ්‍ර කර යාන්තමට බැදෙන විට ළුනු , කරපිංච එකතු කර හොඳින් මිශ්‍ර කර යාන්තමට බැදෙන්න දෙන්න .
  3. පසුව එයට කහ කුඩු , කැලි මිරිස් සහ ලුනු කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කර යාන්තමට බැදෙන විට එයට උකු පොල්කිරි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . උතුරවන්න. 
  4. ටිකක් වෙලා පොල් කිරි උතුරන විට එයට සිහින්ව ගා ගත් පොල් එකතු කර හොඳින් කලවම් කරන්න . (පහල පින්තූරයේ පෙනන පරිදි ).
  5. අවසානෙට තම්බා කපා ගත් බතල එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . මම නම් තාච්ච්‍ යක කලේ. දෙපැත්තෙන් අල්ලා ටොස් (උඩ දැම්මා )කලා . පසුව හෙමින් හැන්දකින් පෙරලුවා. හදලා බලන්න කෝ .
Dhammika Panangala (ධම්මිකා පනංගල)
බතල ව්‍යංජනය හදමු (Bathala - Sweet Potato Curry) - Your Choice Way

බතල ව්‍යංජනය හදමු (Bathala - Sweet Potato Curry) - Your Choice Way

බතල ව්‍යංජනය හදමු (Bathala - Sweet Potato Curry) - Your Choice Way

බතල ව්‍යංජනය හදමු (Bathala - Sweet Potato Curry) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment