පූරී හදමු (Poori Hadamu)

පූරී හදමු (Poori Hadamu) - Your Choice Way
අද අපි ඉන්දියන් Recipe එකක් Try කරලා බලමු.මේක ලොකු පොඩි කාටත් හොඳ Recipe එකක්. මාස 10 බබෙකුට වුණත් ලුණු නොදා මේක දෙන්න පුඵවන්. අපි එහෙනම් පූරී හදමු.අපිට මේකට ඕන වෙනවා,

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍚 පාන් පිටි 250g
  • 🥡 රුලං 100g
  • 🥐 කහ
  • 🧂 ලුණු
  • 🥃 තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. පාන් පිටි, රුලං, කහ ස්වල්පයක්, ලුණු අවශ්‍ය  ප්‍රමාණයක් ගෙන භාජනයකට දමා හොඳින් මිශ්‍රකර වතුර ටික ටික එකතු කරමින් අතේ නොඇලෙන පදමට පිටි මෝලියක් සදා ගන්න.
  2. පිටි ඉසගත් ලෑල්ලක් මත සාදාගත් පිටි මෝලිය ඝනකම සිටින ලෙස රෝලයකින් තුනීකර ගන්න.
  3. ඉන්පසු අවශ්‍ය ප්‍රමාණයට රවුම් කපා ගැඹුරු තෙලේ පූරිය මතට හොදින් තෙල් ඉසිමින් රන්වන් පාට වන තෙක් බැඳ ගන්න.
  4. අපිට පුඵවන් Beetroot කෑල්ලක්, නිවිති කොළ කිහිපයක්  Blender කර පිටි මෝලියට එක් කරන්න. එයින් වර්ණවත් ලෙස පූරි සකසා ළමයින්ට වෙනසක් ඇති කළ හැක.

පූරී හදමු (Poori Hadamu) - Your Choice Way
මේක ඔයාලා හදලා බලලා අපිටත් කියන්න. 💛තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...
රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment