Mahamerak Lesata Song Lyrics - මහා මෙරක් ලෙසට ගීතයේ පද පෙළ

Mahamerak Lesata Song Lyrics - මහා මෙරක් ලෙසට ගීතයේ පද පෙළ
Song Title : Mahamerak Lesata (මහා මෙරක් ලෙසට)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී සමග ආනන්ද වීරසිරි
පද රචනය : බණ්ඩාර ඇහැළියගොඩ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
විජය ධර්ම ශ්‍රී ගේ "භාග්‍යා" ටෙලි නාට්‍යයෙන්. රංගනය රමණී බර්තොලමියුස්.
1987 ජූනි 30 වැනි දින රමණි බර්තොලමියුස් මෙලොව හැරගියේ හදිසි අනතුරක් නිසාවෙන් හිසට සිදුවූ බරපතල හානි හේතුවෙන්.



මහා මෙරක් ලෙසට
හිතේ උපන් බරට
හඬා දොඩා ඵල නොලබන හින්දා
උදා ළහිරු විලස
එබී හිඳිමු ලොවට
සිනා මලක් මුව අද්දර රන්දා ...//

විදු නැණයෙන් අබිසෙස් ලබමින්නේ
සඳ මතුපිට පියවර එසවෙන්නේ
අප පමණද එක තැන කැරකෙන්නේ
අප තනිකර ලෝකය දිව යන්නේ

ආජු තපර ලාහිලා
පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලා

ආජු තපර ලාහිලා
පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලා

අපේ හදට සතුටක් මුසු වේ නම්
අපේ දුකට සුසුමක් මතු වේ නම්
අපේ හිතට දිරියක් ලැබ දේ නම්
එදා අපට පෙරමග සූදානම්

ආජු තපර ලාහිලා
පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලා

ආජු තපර ලාහිලා
පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලා ......//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment