Kalbala Pipuna Song Lyrics - කල්බලා පිපුනා ගීතයේ පද පෙළ

Kalbala Pipuna Song Lyrics - කල්බලා පිපුනා ගීතයේ පද පෙළ

Kalbala Pipuna Song Lyrics - කල්බලා පිපුනා ගීතයේ පද පෙළ
Song Title : Kalbala Pipuna (කල්බලා පිපුනා)
ගායනය : සුනිල් එදිරිසිංහ සමඟින් සංඛනී එදිරිසිංහ
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය : රෝහණ වීරසිංහ


කල්බලා පිපුනා පුංචි තරුවක්
සඳ ලඟින් අහසේ
ඒ තාරකාවක් සඳක් වී
ඔබේ දෑතේ බැදී අද දවසේ

ඉඟිලිලා සමනල් හැඟුම්
අරුණ ගෙන එයි නව පැතුම්
අවදිවී නොපියූ නෙතින්
සෙනෙහසේ මාවත සොයන්

මල් සිනා වැට පීදිලා
රොන් පිරී සුපහන් වෙලා
තුන් සිතින් හිනැහී බලන්
මං ඔබේ ලොව රජවෙලා

කල්බලා පිපුනා පුංචි තරුවක්
සඳ ලඟින් අහසේ
ඒ තාරකාවක් සඳක් වී
ඔබේ දෑතේ බැදී අද දවසේ

සිව්දිසා පිං සෝදමින්
එයි ගලා නොපහන් දසුන්
නෑසුනා නොපිරූ ලෙසින්
මුතු සරින් කව් ගී ගයන්

ඔබ නෙතේ ආලෝකයෙන්
දිනූ ලොව විමසා බලන්
ගෙවා ආ මඟ ඔබ රැදී
මහා නුග තුර සේ ඉදී

කල්බලා පිපුනා පුංචි තරුවක්
සඳ ලඟින් අහසේ
ඒ තාරකාවක් සඳක් වී
ඔබේ දෑතේ බැදී අද දවසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment