ජෙලි මූස් හදමු (Jelly Mousse Hadamu)

ජෙලි මූස් හදමු (Jelly Mousse Hadamu) - Your Choice Way
බත් කාපු අය එන්න ඩෙසට් කන්න   මම අද හැදුවා ජෙලි මූස් සිනි රහිත . අමු ද්‍රව්‍ය දෙකයි .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ජෙලි පැකට් 1 
  • ෆ්‍රෙශ් මිල්ක්  250 ml
  • උණු වතුර  250 ml
  • ස්ප්‍රින්කල්ස් සහ එඩිබල් බීඩ්ස් ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින් බෝල් එකකට ජෙලි පැකට් එක සහ උණු වතුර දමා දිය කරන්න . පසුව නිවෙන්න තබා ශිත කරනයේ තබන්න සෙට් වෙන්න.
  2. ෆ්‍රෙශ් මිල්ක් ශිත කරනයේ තබන්න කූල් වෙන්න.
  3. පැයකට (පැය - 1) පසු දෙකම එලියට ගෙන බ්ලෙන්ඩර් එකට දමා ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කරන්න. 
  4. පසුව වීදුරු වලට දමා උඩින් වසා නැවත ශිත කරනයේ තබන්න සෙට් වෙන්න. පැයක් (පැය - 1) පමණ ගතවේ. 
  5. කැමති විදියට උඩ සරසා ගන්න . මම නම් උඩට  ස්ප්‍රින්කල්ස් සහ එඩිබල් බීඩ්ස් දැම්මා. 
ධම්මිකා පනංගල (Dhammika Panangala)
ජෙලි මූස් හදමු (Jelly Mousse Hadamu) - Your Choice Way

ජෙලි මූස් හදමු (Jelly Mousse Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment