Hitha Wateta Heena Bandan Song Lyrics - හිත වටේට හීන බැඳන් ගීතයේ පද පෙළ

Hitha Wateta Heena Bandan Song Lyrics - හිත වටේට හීන බැඳන් ගීතයේ පද පෙළ
Song Title : Hitha Wateta Heena Bandan (හිත වටේට හීන බැඳන්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද : සිසිර දිසානායක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


හිත වටේට හීන බැඳන්
කොහේ දුවනවාද මන්දා මං
හිත අහන්නේම නෑ
කීවට අහන්නේම නෑ ...//

එක තැනක ඉන්න නිස්කාංසුවේ
හිත නොදෙන්නේම ඇයි හිත මගේ ...//
හිතන්නැතිව ඔහේ ඉන්න
මට හිතක් නැතිව ඉන්න තියේනම්

හිත වටේට හීන බැඳන්
කොහේ දුවනවාද මන්දා මං
හිත අහන්නේම නෑ
කීවට අහන්නේම නෑ

මට කඳුළු දෙන්න නිස්කාරණේ
දුක් ගෙනෙන්නේම ඇයි හිත මගේ ...//
දැනෙන්නැතිව ඔහේ ඉන්න
දැනගන්න නැතිව ඉන්න තියේනම්

හිත වටේට හීන බැඳන්
කොහේ දුවනවාද මන්දා මං
හිත අහන්නේම නෑ
කීවට අහන්නේම නෑ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment