Gana Thel Sandun Waralasa Song Lyrics - ගාන තෙල් සඳුන් වරලස ගීතයේ පද පෙළ

Gana Thel Sandun Waralasa Song Lyrics - ගාන තෙල් සඳුන් වරලස ගීතයේ පද පෙළ
Song Title : Gana Thel Sandun Waralasa (ගාන තෙල් සඳුන් වරලස)
ගායනය : සමන් ජයනාත් ජිනදාස
පද රචනය : යසනාත් ධම්මික බණ්ඩාර
සංගීතය : නවරත්න ගමගේ


ගාන තෙල් සඳුන් වරලස
පීරමින් බලන හැඩ රුව
නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී///
කෝල මුතු සිනා දෙතොලහි
පිපුනු රන් ලමැද ගෝමර
නුඹම නොවෙද හිත රජවුනු මහේසිකාවී///

සඳ හිනැහී එන යාමෙට
සුදු සඳ රැස් විලට බහින
සුනිල පියුම් පෙති නෙළමින
මාල ගොතා ගෙලේ බඳින
නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී
නුඹම නොවෙද හිත රජවුනු මහේසිකාවී...

වසන්තයේ හිරු හිනැහෙන
දිගන්තයේ මල් සුවඳින
දසන්තයේ සිත් පුබුදන
කාන්තියේ නෙත් දිදුලන
නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී
නුඹම නොවෙද හිත රජවුනු මහේසිකාවී...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment