Chandramandale Song Lyrics - චන්ද්‍ර මණ්ඩලේ ගීතයේ පද පෙළ

Chandramandale Song Lyrics - චන්ද්‍ර මණ්ඩලේ ගීතයේ පද පෙළ
Song Title : Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ)
Singing : Abhisheka Wimalaweera
Lyrics : Dr. Rathna Sri Wijesinghe 
Music : Dr. Rohana Weerasinghe
Sound Recording & Music Video produced by Abhisheka Wimalaweera


චන්ද්‍රමණ්ඩලේ සැතපුණු සාවියක් නොවේ
ඔබේ මුහුණ මැවී පෙනෙයි මට පියාණනේ
මීදුමින් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේ
පාළු නැතිද නිදා ඉන්න විට පියාණනේ

පියාඹන්න දෙමින් අපට පියාපත් ඔබේ
ගියාද ඔබෙ නවාතැනට අහස් ගංතෙරේ
කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ
ඔබට මදිද ඉඩ නැතුවද පුංචි ගේ අපේ

ඔබේ සුවද පිරුණු ගෙදර පාළු කාමරේ
ලියූ ගීත කවි විතරද මට ඉතිරි වුනේ
කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ
මේ තරම්ම නපුරු හීනයක්ද ජීවිතේ

චන්ද්‍රමණ්ඩලේ සැතපුණු සාවියක් නොවේ
ඔබේ මුහුණ මැවී පෙනෙයි මට පියාණනේ
මීදුමින් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේ
පාළු නැතිද නිදා ඉන්න විට පියාණනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment