Suwabara Sundara Depase Song Lyrics - සුවබර සුන්දර දෙපසේ ගීතයේ පද පෙළ

Suwabara Sundara Depase Song Lyrics - සුවබර සුන්දර දෙපසේ ගීතයේ පද පෙළ
Song Title : Suwabara Sundara Depase (සුවබර සුන්දර දෙපසේ)
ගායනය : සුජාතා අත්තනායක
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ ගීයකි.


සුවබර සුන්දර දෙපසේ
සුමිහිරි සුදසුන් ගැවසේ ....//
සුසිනිඳු සුවඳය එක සේ
විනෝද ගමනෙකි ජීවිතේ
සුවබර සුන්දර දෙපසේ
සුමිහිරි සුදසුන් ගැවසේ

ලලිත වැල් පුරා කුසුම් පිපී
සලිත වී රඟා සුළං හැපී ...//

පොපිය පොපියා
ලෙලෙන තාලෙන් සිනාසිසී
සැනසි සැනසී
විහඟ නාදෙන් ඉමූ අපී

සුවබර සුන්දර දෙපසේ
සුමිහිරි සුදසුන් ගැවසේ
සුසිනිඳු සුවඳය එක සේ
විනෝද ගමනෙකි ජීවිතේ
සුවබර සුන්දර දෙපසේ
සුමිහිරි සුදසුන් ගැවසේ

ලිහිණි සැරිසරා වනන්තරේ
කිකිණි රැව් නඟා නිරන්තරේ ...//

මලකි මවනා
මියැසි විමනේ ගිමන් හැරේ
පවසා කියමූ
පරම මිහිරේ කතන්දරේ

සුවබර සුන්දර දෙපසේ
සුමිහිරි සුදසුන් ගැවසේ
සුසිනිඳු සුවඳය එක සේ
විනෝද ගමනෙකි ජීවිතේ
සුවබර සුන්දර දෙපසේ
සුමිහිරි සුදසුන් ගැවසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment