Sudu Nona Song Lyrics - සුදු නෝනා ගීතයේ පද පෙළ

Sudu Nona Song Lyrics - සුදු නෝනා ගීතයේ පද පෙළ
Song Title : Sudu Nona (සුදු නෝනා)
Singing : Gypsies with Sunil Perera


නෝනා මගේ සුදු නෝනා අලිවැඩේ මෙමට උනේ
බස් එක මගදී කැඩුනා ඒකයි මම පමා උනේ

අනේ ඔහේගේ පරණ පොත මම ඒක කියව ඇත
තමාගේ බිරින්දෑට ඔයේ බොරුකියනා එකයි කැත

ඔයා පිලි ගන්නේ නැත්ද මගේ නෑ කිසි වැරැද්ද
පුතාට ටොපි ගෙනාවා දැන් කෝ පොඩි පුතා නිදිද

නැති බොරු වෙනෙහෙ පපා අප රවටන්න එපා
කටගොන්නක් බීගෙන මින්පස්සේ මෙහෙ එන්න එපා

ඇත්තම ඔයාට කියන්නම්
ඔයා එය පිළිගන්නවා නම්

මිතුරෙක් අඩගහුවා පොඩි අඩියක් ගැහුවා
ඕකත් ලොකු වරදක්ද

මොකටද ඉතින් මගේ කට
ලජ්ජා නෙද්ද තමුසෙට

බස් එක නතර උනේ මිතුරා අඩගහුවේ
තැබැරුමක්ම ලගදිද

තරමක් ලේසිය දුන්නා
නෝනා මගේ කරටම එන්න

ඔව් මම අඩි ගැහුවා පරක්කු වී අවා
නෝනා දැන් කියන්නනේ මොකද
අනේ ඔයාගේ ලේසිය

ඔයාලටමයි වාසිය …
ළමයි බලන්න ඕනා රෙදි හොදන්න ඕනා
තනියම අපට කරදර

ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
ඔහෙලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි
ඔහෙලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි
ළමයි බලන්නයි ගෙදරට වැඩ කරගන්නයි
ඔයා කියන්නේ අපි දුක් විදින්න ඕනේ
ඔයලා විවාහ වෙන්නේ ඔහොම කියලද අනේ
ඔයාලා කසාද බැන්දේ ඔහොම කියලද අනේ
ඔයා කියන්නේ අපි දුක් විදින්න ඕනේ

අනේ කිරි පිටි හොයලා පෝලිම් වල දුක්විදලා
ලොක්කට වැදලා තමයි එන්නේ බේරිලා
අපේ බොසාට වැදලා තමයි එන්නේ
කිරි පිටි හොයලා පෝලිම් වල දුක්විදලා

පෝලිමේ මැද හිටියම පාඩු වෙනවද
ඒ තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද
ඒ තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද
පෝලිමේ මැද හිටියම පාඩු වෙනවද

කරුමෙට ඔය කට තමුසෙට ලැබුනට
කැත කට හතරට ඉරනට හිතේ මට

මගේ කට හතරට ඉරනට හිතුවට
මේ මට දෙන බේට තමුසෙට ලැබෙයි හෙට

දුවේ පුතේ මාකියනා දේ අහ ගන්න
කදුලක් නැති තැන සිනහව එද්ද බලන්න
දෙන්න ගන්න අත සමබර ඇතිනම් ඔන්න
විවාහ ජීවිතේ සරුයි අද දැනගන්න
විවාහ ජීවිතේ සරුයි අද දැනගන්න
දෙන්න ගන්න අත සමබර ඇතිනම් ඔන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment