Rasa Ahara Kawala Song Lyrics - රස ආහර කවලා ගීතයේ පද පෙළ

Rasa Ahara Kawala Song Lyrics - රස ආහර කවලා ගීතයේ පද පෙළ
Song Title : Rasa Ahara Kawala (රස ආහර කවලා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද : එම්.එස්. ප්‍රනාන්දු
තනුව : එම්.එස්. ප්‍රනාන්දු


රස ආහර කවලා
රන් කූඩුවෙ තියලා
ඇතිකරන්න ගත්ත මාල ගිරවී
අතහරින්න කියලා
ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද ඈ දාලා යයි කියාලා

මම බත් කෑවද ගිරවි කියල ඇහුවම
ඔව් මම බත් කෑවා කියනවා
මම ගිරවි ගිහිං කැලේ අතාරින්නද
අනේ අනේ එපා කියනවා
අපි ඇතිකෙරුවත් රන්කූඩුවෙ දමලා
කුස පිරෙන්න රස ආහර කවලා
ගිරවුන් යනවලු දවසක පැනලා
ඔබ යනවද මටත් එහෙම කරලා

වත්තෙ මල් පිපෙන්නෙ නෑ
ගෙදර සිරියාවක් නෑ
ඔබ නැතිනම් මේ දේවල් නෑ
ගිරවුන් හොඳ නෑ
මේ ගිරවි එහෙම නෑ
අතඇරියත් දාලා යන්නෙ නෑ

රස ආහර කවලා
රන් කූඩුවෙ තියලා
ඇතිකරන්න ගත්ත මාල ගිරවී
අතහරින්න කියලා
ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද ඈ දාලා යයි කියාලා

ඔබේ රෑන සමග පියඹාගෙන යන්න
කුඹුරට ගොස් අහුලාගන කන්න
කැලේ ගහක රෑ කාලෙ ගෙවන්න
ඔබට ආස නැද්ද ඒ වදියට ඉන්න

ලස්සණ මල්වතු වල ගැවසෙන්න
වලාකුළු ඉරාගෙන ඉගිලෙන්න
නෙළාගෙන ඇවිත් පලතුරු කන්න
ඔබට ආස නැද්ද ඒ වදියට ඉන්න

ඒ වදියට ඉන්න
ආසදැයි බලන්න
මේ කූඩුවෙ දොර ඇරල තියන්න
මාව දාලා යන්න
බැහැ නේද කියන්න
මට ආසයි එය දැනගන්න

රස ආහර කවලා
රන් කූඩුවෙ තියලා
ඇතිකරන්න ගත්ත මාල ගිරවී
අතහරින්න කියලා
ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද ඈ දාලා යයි කියාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment