Mage Saka Babare Song Lyrics - මගේ සක බඹරේ ගීතයේ පද පෙළ

Mage Saka Babare Song Lyrics - මගේ සක බඹරේ ගීතයේ පද පෙළ
Song Title : Mage Saka Babare (මගේ සක බඹරේ)
ගායනය : එඩී ජයමාන්න සමග ජෙමිනි කාන්තා
ගී පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : ආර්. නාරායන් අයියර්
චිත‍්‍රපටය : කඩවුණු පොරොන්දුව


මගේ සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා

මගේ සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා
කුසුම මමයි ඔබ මා වට කැරකෙන බඹරා
ඔබයි කැරකෙන බඹරා

කුසුම මමයි ඔබ මා වට කැරකෙන බඹරා
ඔබයි කැරකෙන බඹරා

කුසුම නොරිද්දා බඹරා රොන් උරයි අනේ…//

නිතර බඹර රොන් ඉරුවොත් පරවෙලා වැටේ
කුසුමා පරවෙලා වැටේ
ප්‍රේමය ඇති බඹර මලට නෑ රිද්දන්නේ
අනේ නෑ රිද්දන්නේ ....//

ප්‍රේමයෙන් වෙලී හිටියොත් දෝස නෑ අනේ…//
ප්‍රේමෙ අපේ දිවි ඇති තෙක් නෑ මැකී යන්නේ…//

සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා

මගේ සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා
කුසුම මමයි ඔබ මා වට කැරකෙන බඹරා
ඔබයි කැරකෙන බඹරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment