Mage Budu Appachchiya Song Lyrics - මගෙ බුදු අප්පච්චියා ගීතයේ පද පෙළ

Mage Budu Appachchiya Song Lyrics - මගෙ බුදු අප්පච්චියා ගීතයේ පද පෙළ
Song Title : Mage Budu Appachchiya
ගායනය : ලයනල් රන්වල සහ පිරිස
පද : සිසිර දිසානායක
නාද රටා : ලයනල් රන්වල


මගෙ බුදු අප්පච්චියා ... ආ.....
බුදුන් දැක නිවන් දැකපන්
මගෙ බුදු අප්පච්චියා .....

කෝම දෝ මේ දුක්
හිතකින් වාවා ගන්නේ
කෝම දෝ ආයෙත්
හැබැහින් දැක ගන්නේ

ආ.... ආආ ආආ ආආ ආ.......

අම්මා වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ
අම්මා වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ

ආ.... ආආ ආආ ආආ ආ.......
වල් පැල වද දෙනවෝ
යායේම නුඹ නැතිදා
කාගෙත් බඩ දනවෝ
ලාහක වී නැතිදා
අගේට උන්නා
ඇස්වහ වැදුණ ද
අපෙ අප්පෝ

අම්මා වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ
අම්මා වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ

අපේ මත්තෙම නැහී
අප හැරදා ගියෙ මයෙ දෙයියා
වෙලේ කමතේ නැතේ අද
උම්බෑ හඬ මයෙ මීමා

අම්මා වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ
අම්මා වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ
අම්මා වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ
අම්මා වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ

මගෙ බුදු අප්පච්චියා ... ආ.....
බුදුන් දැක නිවන් දැකපන්
මගෙ බුදු අප්පච්චියා .....

මෙම ගීයේ නාද රටා සැකසුණේ මොණරාගල කමත් ගී ඇසුරෙන්. එය සිසිරට පහදා දෙන රන්වලයන්, ගීය ලියවෙන්න ඕනෑ ආකාරය සිසිරට පහදා දුන්නා.

ගමේ ගොවි රාළ ගෙ මී හරකා මිය ගිහිං. ගොවිතැනේ දි තමන්ට අනේක සවිය වූ මේ සතා, ගොවි රාළ හැමදාම සැලකුවෙ දරුවෙක් ට එහා ගිය සෙනෙහසකින්. වෙලේ අම්බරුවන්ට අඬහැර පාන්නේ අප්පච්චියේ කියල. අද ඒ අප්පච්චි මියෑදිල. වාවන්නෙ නෑ හිත.

සිසිර, මේ ගීයෙ අවසානය වන තෙක් මේ මියගොස් ඇත්තේ ඔය මී හරකා වන බව හැඟෙන්න බෑ. ඒක අසන්නාට දැනෙන්න ඕනැ අන්තිමට.

එහෙම තමයි ලයනල් රන්වල ගීය ලියවෙන්න ඕනැ ආකාරය පැහැදිලි කළේ. ඒත් ඒ ගීය ම ලයනල් රන්වලයන් ගැයූ අවසන් ගීය වීම හරි පුදුම දෙයක්.

මේ වග අකුරු කරන මගෙ ඇස්වලත් කඳුළු බිඳුවක් මෝදු වුණේ, රන්වල ශූරින් ගේ වියෝව වගෙම, සිසිර ගෙ පද බැඳුමෙන් සංවේදී වූ සිත නිසා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment