Lassana Kollek Song Lyrics - ලස්සන කොල්ලෙක් ගීතයේ පද පෙළ

Lassana Kollek Song Lyrics - ලස්සන කොල්ලෙක් ගීතයේ පද පෙළ
Song Title : Lassana Kollek (ලස්සන කොල්ලෙක්)
Director : Kasun Madushanka
Artist : Asheni Sanjana Ft. @Skay Jay 
Music : @Prageeth Perera 
Lyrics : Kelum Dissanayake
Music Label : @Desawana Music 
Edit & Colour : @Mr. Pravish  
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madhu
Cast : Nisala Hettiarachchi, Muthumali, Malshi, Suneth
Special Thanks : Reshan Godage, Dileepa Sandaruwan


දැකලා නෑ ලස්සන කොල්ලෙක් ඔබ වාගේ
දුවලා මං එන්නද ආසයි ලඟට ඔබේ
කියන්න ආස නැද්ද අල්ල ගන්න හිත මගේ
තාම කවුරුවත්ම නෑ මගේ මේ හදවතේ
කරන්න ජීවිතේ ඔබෙ ලස්සන මගෙ දෑතින්
බලන්න මං දිහා එක පාරක් ඔය දෑසින්

රතු රෝස මල් කරත්තෙන්
ඇවිදින් ඔයා කැමැත්තෙන්
එක්කන් ගියොත් මා ඇත්තෙන්
එය වාසනාවකී
ඔයාව ඉල්ල ඉල්ල නොඉවසිල්ල හිත පුරා
හිනාව අල්ල අල්ල රුව මැවිල්ල විඳිනවා
කරන්න ජීවිතේ ඔබෙ ලස්සන මගෙ දෑතින්
බලන්න මං දිහා එක පාරක් ඔය දෑසින්

මම ලස්සන කොල්ලෙක් ඔයත් ලස්සන කෙල්ලෙක්
මාව වසග කලේ ඔයා නෙතින් එක බැල්මෙන්
එක්කන් යන්නම් හිතත් අරන් කෙල්ලේ ඔයාගේ කැමැත්තෙන්
කැමතිම මලක් තෝරගන්න  මගේ මල්වත්තෙන්

පාට කරයි ලෝකෙම පන දුන්නේ රෑපෙට
ලගින් තියන් සුරලියක් පෙනේ මගෙ දෑසට
පාවෙලාම යමුද ඔයා ආස හිනෙට
ඔයා වගේ කෙනෙක් දැකලා නෑ ජිවිතේටම

දෙනවා මගේ පණත් මං
මට ආදරේ උනොත්නම්
‍හීනේ ඔයා තමයි දැන්
පෙම් ලෝකයක් මැවූ
ඔයාව ඉල්ල ඉල්ල නොඉවසිල්ල හිත පුරා
හිනාව අල්ල අල්ල රුව මැවිල්ල විඳිනවා
කරන්න ජීවිතේ ඔබෙ ලස්සන මගෙ දෑතින්
බලන්න මං දිහා එක පාරක් ඔය දෑසින්

දැකලා නෑ ලස්සන කොල්ලෙක් ඔබ වාගේ
දුවලා මං එන්නද ආසයි ලඟට ඔබේ
කියන්න ආස නැද්ද අල්ල ගන්න හිත මගේ
තාම කවුරුවත්ම නෑ මගේ මේ හදවතේ
කරන්න ජීවිතේ ඔබෙ ලස්සන මගෙ දෑතින්
බලන්න මං දිහා එක පාරක් ඔය දෑසින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment