Kaluwa Modara Song Lyrics - කළුවා මෝදර ගීතයේ පද පෙළ

Kaluwa Modara Song Lyrics - කළුවා මෝදර ගීතයේ පද පෙළ
Song Title : Kaluwa Modara (කළුවා මෝදර)
Singing : Gypsies with Sunil Perera

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට

ලන්තෑරුම් පත්තු කරන් වෙරල අද්දර
විඳගනිමින් රළු සීතල රැයක සුන්දර
ලැබ ගන්නට සැනසුම මුළු ලොවක් නිදි කර
ලොව පරසිදු වැල්ල මේක කළුවා මෝදර

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට

ගින්දර ගිනි පාට වෙච්ච ජර්මන් කෙල්ල
දොඩමළු වෙලා හොලවයි ඇගෙ බෙලි කටු මල්ල
අද නම් නැහැ නවත්වන්නේ ඇගෙ දැඟලිල්ල
මිහිබට සුරපුරක් කළුවා මෝදර වැල්ල

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට

කතා කරන විටදි මගේ අතිනුත් අල්ලයි
සමහරවිට ඇඟට බරව හාදුම ඉල්ලයි
මේ හුරතල් කෙල්ල මගේ උණුහුම ඉල්ලයි
ඇගෙ සැනසුම සතුට කළුවා මෝදර වැල්ලයි

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
(අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment