අඩ හදමු (Ada Hadamu)

අඩ හදමු (Ada Hadamu) - Your Choice Way
අද මම ☕ වෙලාවට කන්න අඩ හැදුවා . අනේ හරිම දුකයි හරියට හැඩය ආවේ නැහැ නේ.  මම  දැම්මේ ස්ටේන් ලස් ස්ටීල් අයිස් ක්‍රීම් කප් වල . ඒවගේම තද පාට ආවෙත් නැහැ . මම දුඹුරු පාට කලරින් දැම්මේ නැහැ . ඒක එච්චර මම හිතුවේ නැහැ . රස නම් හොදට තියෙනවා . හැදුවේ මෙහෙමයි .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි   250g + 50g
  • බටර්   25g
  • බිත්තර 1 
  • ලුනු තේ හැදි   1/4
  • ඊස්ට් තේ හැදි 1 
  • සීනි 200g 
  • මද උණුසුම් වතුර මේස හැදි 4

✅ සාදා ගන්නා ආකාරය :

  1. තරමක බෝල් එකකට ඊස්ට් , සීනි තේ හැදි 1 , මද උණුසුම් වතුර මේස හැදි 4 දමා මිශ්‍ර කර විනාඩි 10 වසා පිපෙන්න තබන්න .
  2. භාජනයකට පාන් පිටි , මාජරින් , ලුනු සහ ඊස්ට් ටික දමා හොඳින් මිශ්‍ර කරන්න .
  3. පසුව වතුර මේස හැදි 4 දමා හැදි මිටකින් අනන්න.(විනාඩි 5 පමණ)
  4. පසුව සවියට් එකකින් වසා විනාඩි 30 පමණ පිපෙන්න තබන්න .
  5. එම වේලාව අතරතුර අඩ සාදන භාජන වල මාජරින් ගා පිටි ටිකක් ඉහ ගන්න .
  6. විනාඩි 30ට පසු සිනි ටික ටික දමමින් මිශ්‍ර කරන්න . ඩෝ එක දියාරු වේ. එවුනාට කමක් නැහැ . 
  7. තව වතුර මේස හැදි 2 දමා අතින් අනන්න . 
  8. දැන් ඉතිරි පිටි 50g ටික ටික දමමින් අනන්න . 
  9. දැන් වැනිලා , බේකිං පවුඩර් සහ බේකිං සෝඩා එකතු කර හොඳින් අනන්න . 
  10. තව වතුර මේස හැදි 5 පමණ දමා ව්ස්ක් එකකින් බීට් කරන්න . තරමක දියාරු බැටර් එකක් සාදා ගන්න .(පහල පින්තූරයේ පෙන්වා ඇති පරිදි ). 
  11. අවන් එක 180 ට විනාඩි 10 pre heat වෙන්න දාන්න . .
  12. එම වේලාව අතරතුර සාදා ගත් මිශ්‍රණය අඩ දාන්න  ලැස්ති කර ගත් භාජන වලට දමා විනාඩි 20 පමණ බේක් කරන්න . 
  13. විනාඩි 20ට පසු ටූත් පික් එකක් ගසා බලන්න .

Dhammika Panangala (ධම්මිකා පනංගල)
අඩ හදමු (Ada Hadamu) - Your Choice Way

අඩ හදමු (Ada Hadamu) - Your Choice Way

අඩ හදමු (Ada Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment