පළමු කුඹල් පෙරහර රාජකාරිය - වාසනා හස්ථියාට 🐘🙏☸️ (Wasana Hasthiya)

පළමු කුඹල් පෙරහර රාජකාරිය - වාසනා හස්ථියාට 🐘🙏☸️ (Wasana Hasthiya) - Your Choice Way
ශ්‍රී විභූෂිත දන්ත ධාතුව පිට දරා රන් රශ්මියෙන් වාසනා  මහ ඇත් රජුන්  වැජඹෙන මුල් දිනය අදයි....

2021 කන්ද උඩරට සෙංකඩගල පුර වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයයේ පළමු කුඹල් පෙරහර අද සිදු කිරීමට නියමිතයි...

මේ රාජකාරිය සදහා කරඩුව වඩමවන හස්ථියා වශයෙන් - රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්ථියා තෝරාගෙන තිබෙනවා....

දෑල හස්ථීන් වශයෙන් ශ්‍රී දළදා මාළිගාව ඇත්පන්තියේ සිංහරාජා සහ බුරුම රාජා එක්වීමට නියමිතයි...

ඒ රාජකාරිය කරන්න අවසරයි ඔබ සැමට...

දළදා සමිදු පිහිටයි ඔබ සැමටම....

අද රාත්‍රියේ ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වෙනවා...

කිත්සිරිමෙවන් රජ දවස ආරම්භ වී නො කඩවා වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී දළදා පෙරහැර ශ්‍රී ලාංකිකයින්ගේ මෙන් ම විදේශිකයින්ගේ ද නො මඳ ගෞරවාදරයට පාත්‍ර වූ සංස්කෘතික මංගල්‍යයක්...

බුදුරජාණන් වහන්සේගේ අසූහාරදහසක් ධර්මස්කන්ධයේ නිරන්තර සංස්පර්ෂය ලැබූ, 

බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ ලෙස ගෞරවයට පාත්‍ර වූ ඒ උතුම් දළදා වහන්සේගේ ආනුභාවයෙන් මුළුමහත් ලෝකවාසී ජනතාවම මේ කොරෝනා ව්‍යසනයෙන් ආරක්ෂා වෙත්වා....

උපුටා ගැනීමකී...පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏Travel for Education
පළමු කුඹල් පෙරහර රාජකාරිය - වාසනා හස්ථියාට 🐘🙏☸️ (Wasana Hasthiya) - Your Choice Way

පළමු කුඹල් පෙරහර රාජකාරිය - වාසනා හස්ථියාට 🐘🙏☸️ (Wasana Hasthiya) - Your Choice Way

පළමු කුඹල් පෙරහර රාජකාරිය - වාසනා හස්ථියාට 🐘🙏☸️ (Wasana Hasthiya) - Your Choice Way

පළමු කුඹල් පෙරහර රාජකාරිය - වාසනා හස්ථියාට 🐘🙏☸️ (Wasana Hasthiya) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි....

0 comments:

Post a Comment